පාකිස්තාන සුපර් ලීගයේ ඉතිරි තරග එමිර් රාජ්‍යයේ පැවැත්වීමේ හැකියාව ගැන සාකච්ඡා ඇරඹේ

Date:

කොරෝනා වසංගත අර්බුදය හමුවේ අතරගමදී අත්හිටුවීමට සිදු වූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනය සහ කණ්ඩායම් හයේ හිමිකරුවන් අතර සාකච්ඡාවක් අද(7) පැවැත්වුණා.

zoom තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවේ දී ඉතිරි තරග 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තරගාවලියේ ඉතිරි තරග කරච්චිහී දී ජූනි පළමු වැනිදා සිට 20 වැනිදා දක්වා පවත්වන බව මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කෙසේ වෙතත්, කරච්චි නුවර මේ වන විට පවතින කොවිඩ් 19 අර්බුදය සැලකිල්ලට ගනිමින් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කිරීම සුදුසු බවටයි කණ්ඩායම් හිමිකරුවන්ගේ අදහස වූයේ.

ඒ සම්බන්ධයෙන් සදහන් කරමින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වන කණ්ඩායම් පසුගියදා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට ලිපියක් ද යොමු කළා.

ඒ අනුව ඉතිරි තරග එක්සත් අරාබි රමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ එමිරේට්ස් ක්‍රිකට් ආයතනය සාකච්ඡා සිදු කරනු ඇති.

කෙසේ වෙතත්, තරගාවලිය එමීර් රාජ්‍යයේ දී පවත්වන්නේ නම් තරග කාලසටහන ද යළි සංශෝදනය කිරීමට ඉඩ තිබෙනවා.

සංශෝදිත තරග කාලසටහනක් පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා සකස් කිරීමේ දී පාකිස්තාන කණ්ඩායම ජූනි 23 වනදා එංගලන්ත තරග සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබීම ද බලපෑමක් එල්ල කරනු ඇති.

වෙනත් රටක තරගාවලිය පැවැත්වීමට සිදු වනු බැවින් ඒ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක මූල්‍ය හා අවධානම් තක්සේරුවක් මෙන්ම පිරිවැය විශ්ලේෂණයක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිදු කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව කණ්ඩායම් හිමිකරුවන්ගේ අනුමැතියට යටත්ව තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ තරග අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ පසුගිය මාර්තු 3 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...