පාකිස්තානයට තවත් අයි.සී.සී තරගාවලියක සත්කාරකත්වය හිමි වෙයි

Date:

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන අවසන් රටවල් දෙක තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (Women’s World Cup qualifier) අප්‍රේල් 9 වැනිදා පාකිස්තානයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දින 10 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 15 ක් ඇතුළත් අතර, තරගාවලියට රටවල් හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදී හා Lahore City Cricket Association ක්‍රීඩාංගනයේදී තරගාවලියේ සියලු තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, ස්කොට්ලන්තය, තායිලන්තය හා පාකිස්තානය යන රටවල් මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සත්කාරක ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා නවසීලන්තය යන රටවල් තරගාවලියට මේ වන විටත් සෘජුව සුදුසුකම් ලබා අවසන්.

තරගාවලියට පාකිස්තානය සුදුසුකම් ලැබුවහොත් ඔවුන් ඉන්දියාවට ගමන් නොකරන අතර, වෙනත් රටකදී ඔවුන් ක්‍රීඩා කරන තරග පැවැත්වීමට කටයුතු කරනු ඇති.

ඒ, මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සිට ඉදිරි වසර කිහිපයේදී ඉන්දියාව හා පාකිස්තානය, එම රටවල් දෙකේදී පැවැත්වෙන අයි.සී.සී තරගාවලි වෙනුවෙන් සිය ඉදිරිවාදී රටේ සංචාරය නොකිරීමටත්, සංචාරය නොකරන අදාළ රට (ඉන්දියාව හෝ පාකිස්තානය) ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීමටත් තීරණය කර තිබීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...