ශ්‍රී ලංකාව දෙවැනි තරගය පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 113 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ මනුදි නානායක්කාරයි. ඇය ලකුණු 35 ක් රැස් කළ අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 23 ක් ලබා ගත්තා. නිලක්ෂිකා සිල්වා ලකුණූ 20 යි.

පන්දු යැවීමේදී Bree Illing හා Jess Kerr කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායිකා Suzie Bates ලකුණූ 47 ක් ද, Brooke Halliday නොදැවී ලකුණු 46 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්දිකා කුමාරි හා අචිනි කුලසූරිය කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක අවසන් තරගය එළඹෙන 18 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 2 යි 45 ට ඩනේඩින්හීදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...