තිසරගෙන් පිට පිට හයේ පහර 6 ක් සමග හයේ පහර 13 ක් – ශ්‍රී ලංකාවට අනගි ජයක්

Date:

Asian Legends League ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයේදී ඇෆ්ඝනිස්තාන් පතාන්ස් පිලට එරෙහිව විශිෂ්ඨ පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු තිසර පෙරේරා අද(15) සමත් වුණා.

කණ්ඩායමේ නායකයා ද වන ඔහු පන්දු 36 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 108 ක්. හයේ පහර 13 ක් ඔහුගේ මෙම ඉනිමට ඇතුළත් වීම කැපී පෙනුණා. හතරේ පහර දෙකක් ද ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ලයන්ස් ඉනිමේ අවසන් පන්දුවාරයේදී Ayaan Khan ට එරෙහිව තිසර පෙරේරා හයේ පහරවල් හයක් එල්ල කිරීම ද කැපී පෙනුණා. එම පන්දුවාරයේදී වයිඩ් ලකුණු 3ක් ද හිමි වූ අතර, ඒ අනුව ලකුණු 39 ක් හිමි වූ පන්දුවාරයක් ලෙසයි අවසන් පන්දුවාරය නිමාව දුටුවේ.

ඉන්දියාවේ Udaipur හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකන් ලයන්ස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 230 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළ අතර, තිසරට අමතරව මෙවන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 81 ක් ද රැස් කිරීමට සමත් වුණා. පන්දු 56 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන් පතාන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී රැස් කළේ ලකුණු 204 ක් පමණයි.

නායක අස්ගර් ඇෆ්ඝන් පන්දු 31 කින් ලකුණු 70 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 8 ක් ද සමගින්.

පන්දු යැවීමේදී මාලින්ද පුෂ්පකුමාර හා උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන Qualifier 2 තරගය එළඹෙන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තිසරගේ හයේ පහර හය හා ඔහුගේ සම්පූර්ණ ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...