ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ තිසරගේ කණ්ඩායමට දරුණු පරාජයක්

Date:

ජාතික කණ්ඩායම නියෝජනය කළ හා නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් තරග වදින Army Commander’s League විස්සයි 20 තරගාවලියේ 06 වන තරගය අද නිමාව දුටුවේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නායකත්වය ලබාදෙන Western Warriors කණ්ඩායමට කඩුලු 07 ක දරුණු පරාජයක් අත්කරදෙමින්.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වෙමින් තරගය ජය ගනු ලැබුවේ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය ලබා දෙන Northern Warriors කණ්ඩායමයි.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් Western Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට Northern Warriors පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් ලැබුණේ නැහෑ.

නියමිත පන්දුවාර 20 අවසානයේ Western Warriors කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 118 ක් පමණයි.

යම් පමණකට හෝ සාර්ථක ඉනිමක් දියත් කළ උපුල් තරංග හතරේ පහරවල් 6 ක් සමගින් පන්දු 40 කදී ලකුණු 47 ක් ලබා ගත්තා.

යශෝද මෙන්ඩිස් ලකුණු 17(12) යි. නායක තිසර පෙරේරා ලකුණු 12 කටත්, ඩිල්ෂාන් මුණවීර ලකුණු 11 කටත්, බිෂාන් මෙන්ඩිස් ලකුණූ 10කටත් දැවී ගියා.

සෙසු කිසිදු පිතිකරුවෙකුටවත් ලකුණු 10 සීමාවට ළගා වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ අශාන් ප්‍රියංජන් ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා. නිලූෂ ඩිල්ෂාන් සහ සීක්කුගේ ප්‍රසන්න කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.

ලකුණු 119 ක පහසු ඉලක්කයක් හඹා ගිය Northern Warriors කණ්ඩායම පන්දුවාර 15 කදී කඩුලු 03 ක් පමණක් බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කළා.

අශාන් ප්‍රියංජන් පන්දු 29 කදී නොදැවී ලකුණු 47 ක් වාර්තා කළේ හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරක් සමගින්.

නායක සීක්කුගේ ප්‍රසන්න පන්දු 25 කදී ලකුණු 35 ක් වාර්තා කළා. මිලින්ද සිරිවර්ධන නොදැවී ලකුණු 18 යි.

පන්දු යැවීමේ දී රුචිර සිල්වා සහ යශෝද මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා අශාන් ප්‍රියංජන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...