සුරංගගේ සුපිරි පන්දු යැවීම හා චන්දිමාල්ගේ වේගවත් ඉනිම හමුවේ අසේලගේ අර්ධ ශතකය අපතේ යයි

Date:

2021 Army Commander’s League විස්සයි විස්ස තරගාවලියේ පස්වන තරගයේදී නායක දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් ඉනිම හමුවේ පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Southern Warriors කණ්ඩායම අද (02) සමත්වුණා.

ඒ, අසේල ගුණරත්න නායකත්වය ලබාදෙන Eastern Warriors කණ්ඩායමට කඩුලු 08 ක පරාජයක් අත්කර දෙමින්.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් Eastern Warriors කණ්ඩායමේ නායක අසේල ගුණරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 144 ක්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න පන්දු 45 කදී ලකුණු 53 ක් ලබා ගැනීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහරවල් 05 ක් ඇතුළත්.

හිමාෂ ලියනගේ ලකුණු 21(25) ක් හා චතුරංග ද සිල්වා පන්දු 16 කදී ලකුණු 21 ක් රැස්කළා.

Southern Warriors කණ්ඩායම වෙනුවෙන් අනර්ඝ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 27 කට කඩුලු 03 ක් දවාගැනීමට සමත්වූ අතර, දිනේෂ් පෙරේරා සහ මධුශාන් බෝතොටගේ අතරේ කඩුලු 02 බැගින් බෙදීගියා.

ලකුණු 145 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසී Southern Warriors කණ්ඩායම පන්දුවාර 18.4 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

නායකත්වයේ ඉනිමක් දියත් කළ දිනේෂ් චන්දිමාල් පන්දු 52 කින් ලකුණු 79 ක් නොදැවී රැස්කිරීමට සමත්වුණා.

එම ඉනිමට හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 07 ක් ඇතුළත්.

පී. රත්නායක පන්දු 35 කදී ලකුණු 40 ක් රැස්කළා. එස්. ඒකනායක පන්දු 23 කදී නොදැවී ලකුණු 22 යි. ඇන්ජලෝ පෙරේරා ලකුණු නොලබා දැවී ගියා.

බිඳ වැටුණු කඩුලු 02 ම දවා ගැනීමට සමත්වුණේ චතුරංග ද සිල්වා විසිනුයි.

තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ දිනේෂ් චන්දිමාල්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...