ප්‍රවීන්ගෙන් වාර්තාගත කඩුලු 11ක්, ශ්‍රී ලංකාවට දින 466කට පසු ටෙස්ට් ජයක් – Match Report

Date:

දින 466කට පමණ පසුව ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 209ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 437ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට අද දිනයේ දී කඩුලු 5ක් දවා ගත යුතුව තිබූ අතර, බංග්ලාදේශයට ලකුණු 260ක් ලබා ගත යුතුව තිබුණා.

කෙසේ වෙතත්, තරගය අද දිනයේ දිවා ආහාරය සදහා නතර කිරීමටත් පෙර අවසන් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ බංග්ලදේශ දෙවැනි ඉනිමේ ඉතිරි කඩුලු 5 ඉක්මනින් දවා ගනිමින්.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 40ක්, මෙහිදි හසාන් මිරාස් ලකුණු 39ක් සහ සයිෆ් හසාන් ලකුණු 34ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ 22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86කට කඩුලු 5ක් බිද හෙලූ අතර, මෙම තරගයේ දී ඔහු ලකුණු 178කට බිද හෙලූ කඩුලු ගණන 11ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී කඩුලු 10ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

එමෙන්ම 21 වන සියවසේ දී (2000න් පසුව) ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී කඩුලු 10ක් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා වන්නේ ද ඔහුයි.

පන්දු යැවීමේ දී රමේෂ් මෙනඩිස් ද දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් දවා ගත් අතර, ධනංජය ද සිල්වා ද එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 251ක් පමණයි.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටියදීයි.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට තරග 1-0ක් ලෙස තරගාවලියේ ජය ද හිමි වුණා.

තරගයේ වීරයා ලෙස ප්‍රවීන් ජයවික්‍රම ද තරගාවලියේ වීරයා ලෙස දිමුත් කරුණාරත්න ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගයක් ජය ගෙන තිබුණේ 2020 වසරේ ජනවාරි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...