ප්‍රවීන් ජයවික්‍රමගෙන් මංගල තරගයේ දී තවත් වාර්තාවක්

Date:

ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද(3) නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීම සටහන් කරමින්.

ඔහු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ බංග්ලාදේශයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ දී යි.

එහිදී බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ලිටොන් දාස්ගේ කඩුල්ල දවා ගත් ප්‍රවීන් එම අවස්ථාව වන විට මෙම තරගයේ දී බිද හෙලා තිබූ කඩුලු ගණන 9ක්.

මීට පෙර 2018 වසරේ දී බංග්ලාදේශයට එරෙහිවම අකිල ධනංජය විසින් සිය මංගල ටෙස්ට් තරගයේ දී ලකුණු 44කට කඩුලු 8ක් දවා ගනිමින් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමේ වාර්තාව පිහිටුවා තිබුණා.

අකිලට පෙර අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණේ අජන්ත මෙන්ඩිස් විසින් 2008 වසරේ දී යි.

එහිදී අජන්ත මෙන්ඩිස් විසින් සිය මංගල ටෙස්ට් තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 132කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වී තිබුණා.

මේ අතර, බංග්ලාදේශයට එරෙහිව මේ වන විට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමේ දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු ඉනිමක වාර්තා කළ හොදම පන්දු යැවීම ද වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...