වසර 144 ක් පැරණි ටෙස්ට් ඉතිහාසයට ප්‍රවීන්ගෙන් නව ලෝක වාර්තාවක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් නවතම පන්දු යවන්නා වන 22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම වාර්තා රැසක් අලුත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කලකට පසු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක පහස විඳගැනීමට අද(3) අවස්ථාව ලබා දුන්නා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් ප්‍රවීන් තරගය අවසන් කළේ කඩුලු 11 ක් බිඳ හෙලමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමින්.

එම දක්ෂතාවයත් සමග වසර 144 ක් පැරණී ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ නව ලෝක වාර්තාවකට හිමිකම් කීමට ද ඔහු සමත් වුණා.

ඒ, මංගල ටෙස්ට් තරගයේ දී වමත් දග පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීම වාර්තා කරමින්.

ඔහු මෙම තරගයේ දී ලකුණු 178කට කඩුලු 11ක් බිද හෙලමින් මෙම ලෝක වාර්තාව බිහි කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොදම දක්ෂතාවය ද මෙයයි.

මීට පෙර ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී ටෙස්ට් කඩුලු 11 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් පන්දු යවන්නන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව ටෙස්ට් කඩුලු 11ක් මංගල තරගයේ දී දවා ගත් ලොව 12 වැනි පන්දු යවන්නා වන්නේ ප්‍රවීන් ජයවික්‍රමයි.

ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීම ඉතිහාසයේ දී වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ නරේන්ද්‍ර හිර්වානි විසින්.

ඔහු කොදෙව්වන්ට එරෙහිව 1988 වසරේ දී ලකුණු 136කට කඩුලු 16ක් බිද හෙලමින් අදාළ වාර්තාව පිහිටුවනු ලැබුවා.

මංගල ටෙස්ට් තරගයේ දී හොදම පන්දු යැවීම සටහන් කළ පන්දු යවන්නන්ගේ ලේඛනයේ ප්‍රවීන් ජයවික්‍රමට හිමිව ඇත්තේ 10 වැනි ස්ථානයයි.

මංගල ටෙස්ට් තරගයේ හොදම පන්දු යැවීම සටහන් කළ පන්දු යවන්නන් –

cricinfo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...