පළමු පුහුණු තරගයෙන් කොදෙව්වන්ට ජය

Date:

අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද(10) ආරම්භ වුණා.

පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැති අතර, එම තරග‍යෙන් ලකුණු 17ක ජයක් වාර්තා කළේ කොදෙව් කණ්ඩායමයි.

මෙල්බර්න් හි ජන්ෂන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 152 ක් රැස් කළා.

බ්‍රෙන්ඩන් කිං ලකුණු 64 (45) ක් හා නායක නිකලස් පූරාන් ලකුණු 46 (31) ක් රැස් කළ අතර, අල්සාරි ජෝසප් ලකුණු 15 කට දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙක් ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.

පන්දු යැවීමේ දී Junaid Siddique ලකුණු 13 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.

Muhammad Waseem නොදැවී ලකුණු 69 ක් රැස් කළ අතර, Zawar Farid නොදැවී ලකුණු 29 යි.

පන්දු යැවීමේ දී Raymon Reifer ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය හෙට (11) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...