අයියර් හා කිෂන්ගේ සුපිරි පිතිහරඹය හමුවේ ඉන්දියාව තරගාවලිය සම තැනට ගෙන යයි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඉන්දියාව අද(9) සමත් වුණා.

ඉන්දියාවේ රංචි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 279 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 25 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, කඩුලු 3 ක් දැවී සිටියදීයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෂ්රෙයස් අයියර් සිය දෙවැනි එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 111 කින් නොදැවී ලකුණු 113 ක් රැස් කළා.

ඉෂාන් කිෂන් ලකුණු 93 (84) කට දැවි ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 278 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 79 ක් හා රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 74 ක් ලබා ගත්තා. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...