පළමු 20යි 20න් එංගලන්තයට තියුණු ජයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 8 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(9) සමත් වුණා.

පර්ත් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 209 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200 ක් පමණයි.

ඩේවිඩ් වෝනර් පන්දු 44 කින් ලකුණු 73 ක් රැස් කළා. මිචෙල් මාෂ් ලකුණු 36 යි. මර්කස් ස්ටොයිනිස් ලකුණු 35 කටත්, මැතිව් වේඩ් ලකුණු 21 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රීස් ටොප්ලි හා සෑම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 208 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

ඇලේක්ස් හේල්ස් පන්දු 51 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 84 ක්. ජොස් බට්ලර් ලකුණු 68(32)යි.

පන්දු යැවීමේ දී නේදන් ඇලස් ලකුණු 20 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...