ශ්‍රී ලංකාව ලකුණු 41 රැක ගනිමින් බංග්ලාදේශයට එරෙහිව සුපිරි ජයක් ලබයි

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (10) සමත් වුණා.

ඒ, සිල්හෙට් හි පැවැති මෙවර තරගාවලියේ 18 වැනි තරගයේ දී සත්කාරක බංග්ලාදේශය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 3 කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා.

නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 28 ක් ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18 ක් ද රැස් කළ අතර, හසිනි පෙරේරා හා කවීෂා දිල්හාරි ලකුණු 11 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Rumana Ahmed ලකුණු 14 කට කඩුලු 2 ක් දවා ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම යළි ආරම්භ කිරීමට නොහැකි වූ බැවින් බංග්ලාදේශයට පන්දුවාර 7කදී තරගය ජය ගැනීම සදහා ලකුණු 41 ක ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වුණා.

කෙසේ වෙතත්, ඔවුන්ට පන්දුවර 7 තුළ දී කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 37 ක් පමණයි.

Nigar Sultana ලකුණු 12 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර පන්දුවාර 2ක් යොමු කර ලකුණු 7 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තරග 5 කදී තරග 4 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියන අතර, ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය තවදුරටත් හිමිව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඉන්දියාවටත්, දෙවැනි ස්ථානය පාකිස්තානයටත් හිමිව ඇති අතර, එම කණ්ඩායම් දෙක ද ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...