පළමු දිනයේ දී කඩුලු 15 ක් දැවී යයි ; ඔස්ට්‍රේලියාව ලකුණු 7ක් පිටුපසින්

Date:

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(17) බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 145 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ට්‍රැවිස් හෙඩ් ලකුණු 78 (77) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු පන්දුවෙන්ම ඩේවිඩ් වෝනර් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට කාගිසෝ රබාඩා සමත් වුණා. අනතුරුව මර්නස් ලබුෂේන් ලකුණු 11 කට දවා ගැනීමට මාර්කෝ ජන්සෙන් සමත් වූ අතර, උස්මාන් කවාජා ලකුණු 11 කට දැවී ගියේ අන්රික් නොකියාගේ පන්දුවක් හමුවේයි.

තෙවැනි කඩුල්ල ලකුණු 27 දී බිද වැටීමෙන් පසුව සිව්වැනි කඩුල්ල සදහා ස්ටීවන් ස්මිත් හා ට්‍රැවිස් හෙඩ් අතර ලකුණු 117 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

අන්රික් නොකියාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ස්මිත් ලකුණු 36 කට දැවී ගියා. ස්කොට් බෝලන්ඩ් ලකුණු 1යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

Kyle Verreynne ලකුණු 64 කට දැවී ගිය අතර, ටෙම්බා බවුමා ලකුණු 38 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් හා නේදන් ලයන් කඩුලු 3 බැගින් බිද හෙලුවා. පැට් කමින්ස් හා ස්කොට් බෝලන්ඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 7 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...