ටොම් කොහ්ල-කැඩ්මෝර් LPL තරගාවලියෙන් ඉවත් වුණේ ඇයි ?

Date:

ජැෆ්නා කිංග්ස් සංචිතයට ඇතුළත්ව සිටි එංගලන්ත පිතිකරු ටොම් කොහ්ල-කැඩ්මෝර් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා නොකරන බව කිංග්ස් කණ්ඩායම ඊයේ(16) නිවේදනය කළා.

ඒ අනුව ඔහු වෙනුවට බංග්ලාදේශයේ අෆිෆ් හොසේන් සංචිතයට ආදේශ කිරීමටයි ජැෆ්නා කිංග්ස් කලමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

දෙසැම්බර් 6 වැනිදා මෙවර එල්.පී.එල් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය සදහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව කැඩ්මෝර් ක්‍රීඩා කළ නමුත්, අනතුරුව පැවැති කිසිදු තරගයක් සදහා ඔහු ක්‍රීඩා කළේ නැහැ.

පළමු තරගයේ දී පන්දු රකිමින් සිටින අතරතුර දී ඔහු යම් ක්ලාන්ත ගතියකින් පසු වුණා.

කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ ඉතිරි තරග සදහා කැඩ්මෝර් සුදුසු යෝග්‍යතාවයකින් පසු නොවීම හේතුවෙන් ඔහු වෙනුවට අෆිෆ් හොසේන් සංචිතයට ආදේශ කෙරුණු බවයි.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන නමුත්, වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා කැඩ්මෝර් එංගලන්තය බලා පිටත්ව යනු ඇති.

මෙම වසර මුලදී ද ඔහු පුහුණු දැල් තුළ පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් හිසේ වැදීමෙන් කම්පන තත්ත්වයකට මුහුණ දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...