පළමු තරගයෙන් පාකිස්තානයට ජය – නවුමන් අලීගෙන් වාර්තාවක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අසාර් අලී නොදැවී ලකුණු 31ක් සහ නායක බබාර් අසාම් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා (Anrich Nortje) කඩුලු 2ක් සහ කේෂාව් මහරාජ් එක් කඩුල්ලක් බිද හෙලුවා.

කරච්චිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණූ 220ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය ලකුණු 378ක් ලබා ගත්තා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245ක්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 74ක් සහ රසී වැන් ඩර් ඩුසේ්න් ලකුණු 64ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී නවුමන් අලී කඩුලු 5ක් දවා ගත්තා.

මෙය නවුමන් අලී ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

ඒ අනුව 34 හැවිරිදි ඔහු ඉතිහාසගත වූයේ සිය මංගල ටෙස්ට් තරගයේ දීම කඩුලු 5ක් දවා ගත් වයසින් වැඩිම පාකිස්තාන ක්‍රීඩකයා ලෙසයි.

එමෙන්ම වයස අවුරුදු 34 ඉක්ම වූ ක්‍රීඩකයෙකු ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී කඩුලු 5ක් බිද හෙලූ අවස්ථාවක් අද වාර්තා වූයේ වසර 72කට පසුවයි.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ෆාවඩ් අලාම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...