අන්සාරි විසින් මාලිංගගේ ඉරියව්වෙන් පොලාඩ් දවා ගත් හැටි

Date:

ඊයේ (28) දිනයේ දී ආරම්භ වූ අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය බංග්ලාදේශයේ නසීර් හුසේන් නායකත්වය ලබාදෙන පූනේ ඩෙවිල්ස් කණ්ඩායම හා කිරන් පොලාඩ් නායකත්වය ලබා දෙන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.

මෙම තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ පුනේ ඩෙවිල්ස් කණ්ඩායමයි.

පූනේ පිලේ ආරධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 5 ක් බිඳ වැටී ලකුණු 104 ක් රැස්කළා.

වේගවත් පිතිප්‍රහාරයක් දියත් කළ අසාම් කාන් පන්දු 13 කදී නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 37 ක්.

කැමරන් ඩෙල්පොර්ට් ලකුණු 25(17) යි.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ නායක නසීර් හුසේන් කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

එමෙන්ම විස්සයි විස්ස පිටියේ විශිෂ්ට පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මුනිස් අන්සාරී පන්දුවාර 2 තුළ ලකුණු 11 ක් පමණක් ලබා දී බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 2 ක්.

ඒ අනුව ලකුණු 105 ක ඉලක්කයක් හඹා ගිය පූනේ ඩෙවිල්ස් පිල පන්දුවාර 9 යි පන්දු 2 ක් තුළ කඩුලු 3 ක් පමණක් බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කළා.

පන්දු 28 කදී නොදැවී ලකුණු 57 ක් රැස්කළ කෙනාර් ලුවිස් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

ලසිත් මාලිංගට සමාන ඉරියව්වකින් පන්දු යවන මුනිස් අන්සාරී විසින් කිරන් පොලාඩ් දවාගත් අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...