ICC තීන්දුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දිල්හාරගෙන් ප්‍රකාශයක්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දූෂණ චෝදනා 3කට තමා වරදකරු කරමින් ලබා දී ඇති තීන්දුවට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසනවා.

ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින් අනතුරුවයි ඊයේ(28) දිනයේ දී ඔහු වරදකරු බවට අයි.සී.සීය විසින් නිවේදනය කළේ.

නමුත් එම විනිශ්චය සභාවේ සාමාජිකයෙකු තමන් වැරදිකරු නොවන බවට ප්‍රකාශ කර ඇති බව දිල්හාර ලොකුහෙට්ටිගේ පෙන්වා දෙනවා.

ඒ, ඕස්ට්‍රේලියාවේ සිට නෙත් එෆ්.එම් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්.

තමන්ට එරෙහි චෝදනාවල සත්‍යතාවය ඉදිරි මාස කිහිපයේ දී ජනතාවට දැන ගත හැකි වනු ඇති බව ද ඔහු කියා සිටියා.

2019 වසරේ නොවැම්බර් මාසයේ දී යි අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ දිල්හාර ලොකුහෙට්ටිගේට චෝදනා ගොණු කෙරුණේ.

ඔහුට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ද චෝදනා ගොණු කර ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් ආයතන දූණෂ මර්දන පනතෙහි වගන්ති 3ක් උල්ලංඝනය කළ බවට සදහන් කරමින්.

T 10 ලීග් තරගාවලියට සහභාගී වීමට අදාළව මෙම චෝදනා ගොණු කර ඇති අතර, ඊට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු වන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...