නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්චර්ච්හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි හා අවසන් දිනය අදයි(13).
කෙසේ වෙතත්, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගය අද දිනය සදහා ආරම්භ කිරීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.
තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285 ක ඉලක්කයක් දෙවැනි ඉනිමේ දී හිමිව ඇති අතර, ඔවුන් ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28 ක්. ඒ අනුව නවසීලන්තය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 257 ක් අද දිනයේ දී ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් අද දිනයේ දී කඩුලු 9 ක් දවා ගත යුතුයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තු තබා ගැනීමටනම් මෙම තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි.
මෙම තරගාවලියේ එක් තරගයක් හෝ ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් හෝ ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ඉන්දීය කණ්ඩායම අනිවාර්යයෙන්ම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා. (මේ දිනවල පැවැත්වෙන ඉන්දු-ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයේ ප්‍රතිපලය කුමක් වුවත්)
ඒ අනුව අද දිනයේ දී කෙසේ හෝ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වන නමුත්, ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවලට මේ වන විට අයහපත් කාළගුණයෙන් යම් බලපෑමක් එල්ල වී තිබෙනවා.
පෙරවරු කාලයේ පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට දිවා ආහාරය ද නියමිත වේලාවට පෙර ලබා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
කාළගුණ වාර්තාවන්ට අනුව අද පස්වරු කාලයේ දී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනය අවට ක්‍රයිස්චර්ච් ප්‍රදේශයට යහපත් කාළගුණ තත්ත්වයක් පවතිනවා. ඒ අනුව පස්වරු කාලයේ දී තරගය ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.
අද දිනයට අදාළව ක්‍රයිස්චර්ච් ප්‍රදේශයේ පවතින කාළගුණ අනාවැකිය පහතින් –


