මුම්බායි පිට පිට 4 වැනි තරගයත් දිනයි

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ තමන් අඛණ්ඩව ලැබූ සිව්වැනි තරග ජය ද වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම ඊයේ (12) රාත්‍රියේ සමත් වුණා.

ඒ, තරගාවලියේ 10 වැනි තරගයෙන් යූපී වොරියර්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

ඒ අනුව මේ වන විට ක්‍රීඩා කළ තරග හතරම ජය ගත් මුම්බායි පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 8 ක් සමගින්.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා. නායිකා ඇලීසා හීලි ලකුණු 58 ක් හා Tahlia McGrath ලකුණු 50 ක් රැස් කළා. පන්දු යැවිමේ දී Saika Ishaque ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ඉනිම වීමට පන්දු 15 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් දැවී සිටියදීයි. [164/2 (17.3)]

නායිකා හර්මන්ප්‍රීට් කොවුර් නොදැවී ලකුණු 53 ක් හා Nat Sciver-Brunt නොදැවී ලකුණු 45 ක් ලබා ගත්තා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම රැදී සිටින්නේ ක්‍රීඩා කළ තරග 4න් 3ක් ජය ගනිමින්.

වොරියර්ස් කණ්ඩායම තරග 4කින් තරග 2 ක් ජය ගෙන ඇති අතර, ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම තරග 4කින් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

ස්ම්රිති මන්දනා නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩා කළ තරග හතරම පරාජයට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...