කෝලිගේ ශතකයෙන් ඉන්දියාවට ජයග්‍රහනය පිළිබද සුළු බලාපොරොත්තුවක්

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අහ්මදාබාද් හී දී පැවැත්වෙන තීරණාත්මක සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (12) නිමා වුණේ විරාට් කෝලිගේ සුපිරි ශතකය හමුවේ දිනයේ සියලු ගෞරව ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 3 ක් ලබා සිටියා.

උස්මාන් කවාජා පන්දු රකිමින් සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන් අද පස්වරුවේ දී පන්දු රැකීමට කටයුතු නොකළ අතර, ට්‍රැවිස් හෙඩ් සමග ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරනු ලැබුවේ ද කවාජා වෙනුවට රාත්‍රී මුරකරු පිතිකරුවෙකු ලෙස මැතිව් කුහ්නෙමන්.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 571 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 480 ට පිළිතුරු වශයෙන්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි ලකුණු 186 ක් රැස් කළේ හතරේ පහර 15 ක් ද සමගින්. ෂුබ්මන් ගිල් ලකුණු 128 යි. අක්සාර් පටෙල් ලකුණු 79 කට දැවී ගියා. ආබාධයකට ලක් වීම හේතුවෙන් ෂ්රෙයස් අයියර් ඉන්දියාව වෙනුවෙන් පිතිකරණයේ නිරත වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නේදන් ලයන් හා ටෝඩ් මර්ෆි කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 88 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...