පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට ඉනිමක දරුණු පරාජයක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඉන්දියාව අද(11) සමත් වුණා.

ඒ, දෙරට අතර නාග්පූර්හී දී පැවැති පළමු තරගය දින 3ක් තුළ අවසන් කරමින් ඉන්දියාව ඉනිමක හා ලකුණු 132 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 400 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 177 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ඉන්දියාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවූ ලකුණු සංඛ්‍යාව 223 ක්.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා වූ රෝහිත් ෂර්මා ලකුණු 120 ක් රැස් කළා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 70 කට දැවී ගියේ අද දිනයේ පළමු කඩුල්ල ලෙසයි. අක්සාර් පටෙල් ලකුණු 84 ක් ලබා ගත් අතර, මොහමඩ් ෂාමි ලකුණු 37 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ටොඩ් මර්ෆි ලකුණු 124 කට කඩුලු 7 ක් දවා ගැනීම විශේෂත්වයක්. පැට් කමින්ස් කඩුලු 2 ක් බිද හෙලුවා.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැළවීමේ අභියෝගය සහිතව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 91 ක් පමණයි.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 25 ක් ද, මර්නස් ලබුෂේන් ලකුණු 17 ක් ද, ඩේවිඩ් වෝනර් හා ඇලෙක්ස් කෙරී ලකුණු 10 බැගින් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 37 කට කඩුලු 5 ක් දවා ගත් අතර, රවීන්ද්‍ර ජඩේජා හා මොහමඩ් ෂාමි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...