ඇප නියම වූ සන්දීප් නේපාල සංචිතයට නම් කෙරේ

Date:

ස්කොට්ලන්තය හා නැමීබියාව සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නේපාල සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේ (Sandeep Lamichhane) නම් කර තිබෙනවා.

සන්දීප් ලැමිච්හානේට එරෙහිව පැනවූ තාවකාලික ක්‍රිකට් තහනම අවලංගු කිරීමට නේපාල ක්‍රිකට් සංගමය පසුගියදා ගෙන තිබූ තීරණය හේතුවෙන් මෙම නම් කිරීම බොහෝ පාර්ශව විසින් අපේක්ෂා කරනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී 22 හැවිරිදි ලැමිච්හානේට ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් සංගමය තීරණය කළේ ඔහුට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට වන චෝදනාව හේතුවෙන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඔහුට පසුගිය මාසයේ දී ඇප නියම වුණා. අවසන් නඩු තීන්දුව ලබා දෙන තුරු ඔහුට විදේශගත වීම තහනම් කිරීමටයි නියම කෙරුණේ.

තුන්කොන් තරගාවලිය සදහා නම් කෙරුණු Rohit Paudel ගේ නායකත්වයෙන් යුත් නේපාල සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයට අයත් (ICC’s Cricket World Cup League 2) මෙම තරගාවලිය එළඹෙන 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Nepal squad:

Rohit Paudel (c), Kushal Bhurtel, Aasif Sheikh, Gyanendra Malla, Kushal Malla, Dipendra Singh Airee, Sundeep Jora, Sompal Kami, Karan KC, Lalit Rajbanshi, Sandeep Lamichhane, Gulshan Jha, Bhim Sharki, Surya Tamang

Travelling reserves: Aarif Sheikh, Pratish GC, Shyam Dhakal, Arjun Saud

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...