පරාජයට හේතුව සහාය පුහුණුකරු පහදයි

Date:

තරගය ජය ගැනීමට අවශ්‍ය වූ ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වා ගෙන ගිය ද කඩුලු අතර සම්බන්ධතා නොතිබීම ඇෆ්ඝනිස්තානය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පරාජය වීමට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු හා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසනවා.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අඩුපාඩු තිබුණ ද පල්ලේකැලේ තණතීරුව තුළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ලකුණු 300 ප්‍රමාණයට අඩුවෙන් සීමා කර ගැනීමට හැකි වීම ද සුබවාදී ලකුණක් බවයි නවීඩ් නවාස් මහතා කියා සිටියේ.

අවසන් පන්දුවාර තුළ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා හොදින් පන්දු යැවූ බව හෙතෙම පෙන්වා දුන්නා.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ අවසන් පන්දුවාර 5 තුළ දී කඩුලු 5 කට වාර්තා වූයේ ලකුණු 31 ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 294 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 38 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 234 ක් පමණයි.

මේ අතර, වේග පන්දු යවන්නන් නිරතුරුවම ආබාධවලට ලක්වීම සම්බන්ධයෙන් මේ වන විට දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බවත්, ඊට විසදුමක් කඩිනමින් සොයා ගැනීමට හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළා.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...