පැතුම්ගේ හා වනිදුගේ සටන අපතේ යයි ; ඇෆ්ඝනිස්තානයට ලකුණු 60 ක ජයක්

Date:

ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 60 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(25) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 295 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 38 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 234 ක් පමණයි.

ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක ලකුණු 85(83) ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු මුල්පෙල හෝ මැද පෙල පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, වනිදු හසරංග කලකට පසු යළිත් පිත්තෙන් සුපිරි ඉනිමක් දියත් කරමින් පන්දු 46 කින් වේගවත් ලකුණු 66 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගිය ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

චාමික කරුණාරත්න වෙනුවට කණ්ඩායමට කැදවූ ධනංජය ලක්ෂාන් මෙම තරගයේ දී ලබා ගත්තේ ලකුණු 2ක් පමණයි.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 49 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ගුල්බදීන් නයිබ් ලකුණු 34 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 294 ක් රැස් කළේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ඊබ්‍රහීම් සඩ්‍රාන් පන්දු 120 කින් ලකුණු 106 ක් ලබා ගත්තේ හතරේ පහර 11 ක් සමගින්. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 53 කට දැවී ගිය අතර, රහ්මට් ශාහ් ලකුණු 52යි.

වනිදු හසරංග ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...