Watch : පළමු පන්දුවෙන්ම මලාන්ගේ කඩුල්ල මතිෂ දවා ගත් හැටි

Date:

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නියෝජනය කරන Bangla Tigers කණ්ඩායම ක්‍රීඩා කළ තවත් තරගයක් ඊයේ(24) රාත්‍රියේ පැවැත්වුණා.

එම තරගයේ දී Bangla Tigers කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ The Chennai Braves කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Braves කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා.

කාර්ලස් බ්‍රැත්වෙයිට් පන්දු 19 කින් නොදැවී ලකුණු 44 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ එක් පන්දුවාරයක් යොමු කර ලකුණු 6 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ඔහු යොමු කළ පළමු පන්දුවෙන්මයි එම කඩුල්ල දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වුණේ. (දර්ශන පහතින්)

ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 27(15) ක් ලබා සිටි ඩාවිඩ් මලාන්.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Bangla Tigers කණ්ඩායමට පන්දුවාර 19.5 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 93 ක් පමණයි.

ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 20 කින් ලකුණු 49 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කාර්ලස් බ්‍රැත්වෙයිට් ලකුණු 3 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...