කඩුල්ල බේරන්න පාන්ට් එල්ල කළ පහරින් කාර්තික් 99 න් බේරෙයි (Video)

Date:

දිනේෂ් කාර්තික් යනු ඉන්දියාවෙන් බිහි වූ දක්ෂ කඩුලු රකින ක්‍රීඩකයෙක් මෙන්ම මෑතක සිට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ද කටයුකු කරන අයෙක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කරන ඔහු මෙවරත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

මේ ජ්‍යෙෂ්ඨ ඉන්දීය කඩුලු රකින්නා හා යොවුන් කඩුලු රකින්නෙකු වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ රිෂාබ් පාන්ට් අතර අමතු සිදු වීමක් අද(28) සිදු වනු දක්නට ලැබුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 41 වන තරගයේ දී යි. (දිල්ලි කැපිටල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර)

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 39ක් රැස් කිරීමට නායක රිෂාබ් පාන්ට් සමත් වුණා.

ඉනිමේ 17 වන පන්දුවාරය යොමු කළේ වරුන් චක්‍රවර්තී විසින්.

එම පන්දුවාරයේ පළමු පන්දුවට පාන්ට් එල්ල කළ පහර නිසි අයුරින් පිත්තේ නොවැදුණත්, පිත්තේ ඇතුළු අග්‍රයේ වැදුණු පන්දුව තණතීරුව දිගේ කඩුල්ල දෙසට ඇදී යන බවක් දුටු රිෂාබ් පාන්ට් එය වැළැක්වීමේ අරමුණින් මෙන් සිය පිත්තෙන් යළි පහරක් එල්ල කිරීමට උත්සාහ කළා.

කෙසේ වෙතත්, සැබවින්ම එම පහර ඔහු එල්ල කළේ පන්දුව දෙසටනම් නොව කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික්ගේ මුහුණ දෙසට වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

කාර්තික් ද එම පහර සිය මුහුණේ වැදීම වළක්වා ගැනීමේ අරමුණින් බිම ඇද වැටුණු අතර, අනතුරුව පාන්ට් විසින් කාර්තික්ගෙන් සමාව ද ඉල්ලා සිටින ආකාරයක් දැකගත හැකි වුණා.

අවසානයේ ඔවුන් දෙදෙනා සිනහමුසු මුහුණින් එම අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම විශේෂත්වයක්.

https://twitter.com/Phoenix09004/status/1442827025123667974

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...