නාරායන් හා රානාගේ ඉනිම් කොල්කටා පිලට කඩුලු 3ක ජයක් ගෙන එයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(28) සමත් වුණා.

ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

  • DC 127/9 (20)

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් පමණක් ලබා ගනිමින්.

මෙම තරගයේ දී දිල්ලි ඉනිම ආරම්භ කළේ ස්ටීවන් ස්මිත් සමගින් ශිකර් ධවාන්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 35ක් එක් කළා. ධවාන් ලකුණු 24යි. ස්මිත් පන්දු 34කින් ලකුණු 39ක් ලබා ගත්තා. නායක රිෂාබ් පාන්ට් ද රැස් කළ ලකුණු සංඛ්‍යාව 39ක්.

කෙසේ වෙතත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ලුකී ෆර්ගියුසන්, සුනිල් නාරායන් හා වෙන්කටේෂ් අයියර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

  • KKR 130/7 (18.2)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 28කට සීමා කරමින් වෙන්කටේෂ් අයියර් ලකුණු 14කට දැවී ගියා. අනෙක් ආරම්භක පිතිකරුවා වූ ෂුබ්මන් ගිල් ලකුණු 30ක් රැස් කළා. නිටිෂ් රානා නොදැවී ලකුණු 36ක් ලබා ගනිමින් ඉනිමේ නැංගුරම බවට පත් වුණා.

ඉනිමේ 15 වන පන්දුවාරය දක්වාම තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් පැවතුණා. අවසන් පන්දු 30 තුළ කොල්කටා කණ්ඩායම ලබා ගත යුතුව තිබූ ලකුණු ප්‍රමාණය 30ක්.

කෙසේ වෙතත්, 16 වන පන්දුවාරයේ දී කාගිසෝ රබාඩාට එරෙහිව ලකුණු 21ක් රැස් කිරීමට සුනිල් නාරායන් හා නිටිෂ් රානා සමත් වුණේ තරගයේ සම්පූර්ණ පාලනය සිය කණ්ඩායම වෙත හිමි කර දෙමින්.

තරගයේ ජයග්‍රහනය අසළටම කොල්කටා කණ්ඩායම රැගෙන ගිය සුනිල් නාරායන් පන්දු 10කින් වේගවත් ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අවේශ් ඛාන් කඩුලු 3ක් බිද හෙලූ අතර, රවිචන්ද්‍රන් අශ්වින්, ලලිත් යාදෙව්, අන්රිච් නොකියා හා කාගිසෝ රබාඩා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...