ළගා වීමට අපහසු අතිශය විරල ලෝක වාර්තාවකට කිරන් පොලාඩ් උරුමකම් කියයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද (28) පැවැත්වෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේදී විරල ලෝක වාර්තාවකට උරුමකම් කීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත්වුණා.

පංජාබ් කිංග්ස් ඉනිමේ 07 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ පොලාඩ්, එහි දෙවන සහ සිව්වන පන්දුවලට පිළිවලින් ක්‍රිස් ගේල් සහ කේ.එල්. රාහුල් දවා ගත්තා.

එම කඩුලු දෙකත් සමග පොලාඩ් මේ වන විට විස්සයි විස්ස පිටියේ බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 300ක්.

ඒ අනුව 34 හැවිරිදි සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් වාර්තා අතර එක් වුණේ විස්සයි විස්ස පිටියේ දී ලකුණු 10,000 ක් හා කඩුලු 300 ක් වාර්තා කළ ප්‍රථම ක්‍රීඩකයා ලෙසයි.

පොලාඩ්ට අමතරව ක්‍රිස් ගේල්, ඩේවිඩ් වෝනර්, ෂොයිබ් මලික් සහ විරාට් කෝලි යන ක්‍රීඩකයන් ද විස්සයි විස්ස පිටියේ දී ලකුණු දස දහසේ සීමාව අභිබවා ගොස් තිබෙනවා.

පොලාඩ් හැරුණු විට සෙසු ක්‍රීඩකයින් සිව් දෙනා අතරින් වැඩිම විස්ස විස්ස කඩුලු ලාභියා වන ෂොයිබ් මලික් බිඳ හෙලා ඇත්තේ කඩුලු 152ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...