නිපුන්ගේ ශතකය අපතේ යයි – අශේන්, නුවනිදු හා විශාද්ගේ සුපිරි හඹා යාම හමුවේ කොළඹට ජය

Date:

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් යාපනය කණ්ඩායම පරදා කඩුලු තුනක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් වුණා.

දඹුල්ලේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන්නේ යාපනය කණ්ඩායමයි. ඔවුන් කඩුලු හයක් දැවී ලකුණු 310 ක් රැස් කළා.

නිපුන් කරුණානායක නොදැවී ලකුණු 108 ක් ලබා ගත්තේ පන්දු 119 කින්. ඒ, හතරේ පහර 8ක් සමගින්. හසිත බොයගොඩ ලකුණු 86 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 62 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 15 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

අශේන් බණ්ඩාර පන්දු 66 කින් ලකුණු 80 ක් නොදැවී රැස් කළ අතර, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 61(66) ක් හා විශාද් රන්දික ලකුණු 54(29) ක් ලබා ගත්තා. තරිදු රත්නායක නොදැවී ලකුණු 37(27)යි.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් හා ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...