ලහිරු කුමාර ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හා මිෂාරගේ 66* මහනුවරට ජය ගෙනෙයි

Date:

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ඊයේ(23) පැවැති තරගයෙන් කඩුලු අටකින් පරාජයට පත් වූයේ ගාල්ල කණ්ඩායමයි.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායමට පන්දුවාර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

ශෙහාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 66 ක් ලබා ගත් නමුත්, නම් දැරූ කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු තුනක් හා චාමික ගුණසේකර කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 23.2 ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කමිල් මිෂාර නොදැවී ලකුණු 66(64) ක් රැස් කළ අතර, චමෝද් සදරු නොදැවී ලකුණු 33 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 30 කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...