ප්‍රබලයින් දෙදෙනෙකුට අවසන් T20 තරගය අහිමි වෙයි

Date:

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේට හා ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා මුහුණ දී ඇති ආබාධ තත්ත්වයන් හේතුවෙන්.

දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ දී කඩුලු රකිමින් සිටියදීයි ඩෙවෝන් කොන්වේ ආබාධයකට ලක් වුණේ. ඇඩම් මිල්න් යොමු කළ පන්දුවක් රැක ගැනීමට යාමේ දී පන්දුව වම් අතෙහි වැදීමෙන් මෙම ආබාධය සිදු වුණා.

අදාළ ආබාධය නිසා ඔහුට දෙවැනි විස්සයි 20 තරගයේ දී පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව ද අහිමි වුණා.

මූලික වෛද්‍ය පරීක්ෂණවලදී (X-rays) ඔහුගේ අතෙහි අස්ථි බිදී යාමක් සිදුව ඇති බවක් හදුනා ගෙන තිබුණේ නැහැ. කෙසේ වෙතත්, කොන්වේ තවදුරටත් වෛද්‍ය පරීක්ෂණ සදහා මුහුණ දීමට නියමිතයි.

කොන්වේ වෙනුවට ටිම් සයිෆර්ට් අවසන් විස්සයි 20 තරගය සදහා වන නවසීලන්ත සංචිතයට ආදේශ කර තිබෙනවා.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ජෙකොබ් ඩෆී ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

වම් දණහිසේ ආබාධයකට ලක්ව සිටින රචින් රවීන්ද්‍රට ද අවසන් විස්සයි 20 තරගය සදහා ක්‍රීඩා කළ හැකිදැයි මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නැහැ.

මේ අතර, ආබාධයකට ලක්ව සිටින ඩේවිඩ් වෝනර්ට දින 10 කට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බව සදහන්.

ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරිමට හැකි වනු ඇති. වෝනර් නවසීලන්තයට එරෙහි දෙවැනි විස්සයි 20 තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

නවසීලන්ත-ඔස්ට්‍රේලියා තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගෙන අවසන්ව ඇති අතර, අවසන් තරගය හෙට(25) ඔක්ලන්ඩ් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...