නිකලස් පූරාන් පන්දු 17කින් ලකුණු 50 රැස් කළ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නිකලස් පූරාන් අද(8) සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිදරාබාද් පිලට එරෙහි තරගයේ දී යි.

එහිදී ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 17ක් වැය කරමින්.

ඔහුගේ අර්ධ ශතකය වාර්තා කරන විට ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්ව තිබුණා.

මෙය නිකලස් පූරාන්ගේ මංගල අයි.පී.එල් අර්ධ ශතකය වීම ද විශේෂත්වයක්.

ඔහු පන්ජාබ් ඉනිමේ 9 වන පන්දුවාරයේ දී අබ්දුල් සමාද්ට එරෙහිව ලකුණු 28ක් රැස් කළේ හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් සමගින්.

ඉන් හයේ පහර කිහිපයක්ම මීටර් සියය ඉක්මවා යාම විශේෂත්වයක්.

නිකලස් පූරාන් පන්ජාබ් ඉනිම වෙනුවෙන් පන්දු 37කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 77ක්. (6×7, 4×5)

ඔහුගේ ඉනිමේ දර්ශන මෙතනින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...