ජොනී 97(55), රෂීඩ් 12/3 – හයිදරාබාද් පිලට වාර්තාගත ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගයෙන් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම පරදා ලකුණු 69ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

මෙය හයිදරාබාද් කණ්ඩායම පන්ජාබ් කණ්ඩායමට එරෙහිව අයි.පී.එල් ඉතිහාසයේ ලකුණු පරතරය අතින් ලැබූ දැවැන්තම ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදරාබාද් පිල වෙනුවෙන් විශිෂ්ඨ ආරම්භයක් ලබා දීමට නායක ඩේවිඩ් වෝනර් සහ ජොනී බෙයාර්ස්ටව් සමත් වුණා.

ඒ, පළමු කඩුල්ලට ලකුණු 160ක සබදතාවයක් ගොඩ නගමින්.

වෝනර් ලකුණු 52ක් සහ බෙයාර්ස්ටව් පන්දු 55කින් ලකුණු 97ක් රැස් කළා.

ජොනී බෙයාර්ස්ටව්ගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

ලකුණු 160ට කිසිදු කඩුල්ලක් නොදැවී තිබුණ ද, හයිදරාබාද් ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 161 වන දැවී යාමත් සමග ලකුණු 200 සීමාවට කණ්ඩායම රැගෙන යාමේ වගකීම භාර ගත් කේන් විලියම්සන් පන්දු 10කින් ලකුණු 20 ලබා ගත්තා.

ඒ අනුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස් කරමින්.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 29කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමේ නිකලස් පූරාන් හැරුණු විට සෙසු සියලු පිතිකරුවන් අසාර්ථක වුණා.

ඒ හේතුවෙන් පන්දුවාර 16.5ක් අවසානයේ ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

නිකලස් පූරාන් පන්ජාබ් ඉනිම වෙනුවෙන් පන්දු 37කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 77ක්. (6×7, 4×5)

ඔහු සිය අර්ධ ශතකය පන්දු 17කින් වාර්තා කළ අතර, එය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය ද වනවා.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 12කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ජොනී බෙයාර්ස්ටව්.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් 6 වැනි ස්ථානයේ පසු වූ සන්රයිසස් කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...