RCB ප්‍රශ්න විචාරාත්මක තරගයේ දී ඉසුරු ගැන විමසූ පැනය මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර විවේක දිනයකදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් පැවැති අපූරු වැඩසටහනක වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝවේ දක්නට ලැබෙන්නේ ආර්.සී.බී කණ්ඩායමේ සාමාජිකයින් කණ්ඩායම් දෙකකට බෙදා පැවැති ප්‍රශ්න විචාරාත්මක තරගයක්.

එහි විශේෂත්වය වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්නයක් නිර්මාණය කර තිබීමයි.

සංවිධායකයින් විසින් මෙම තරගයේ දී විමසනු ලැබූ ප්‍රශ්නයක් වූයේ තුන් පිම්ම පැනීමේ ක්‍රීඩකයෙකු ලෙස සිය ක්‍රීඩා දිවිය ඇරඹූ ආර්.සී.බී ක්‍රීඩකයා කවුරුන්ද යන්නයි.

ප්‍රශ්නය තරමක් අපහසු වූ බව පෙනුන ද ඒ සදහා නිවැරැදි පිළිතුර එක් කණ්ඩායමක් විසින් ලබා දෙනු ලැබුවා.

එම පැනයේ නිවැරැදි පිළිතුරු වූයේ ශ්‍රී ලංකාවේ ඉසුරු උදානයි.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...