නවසීලන්ත ගිම්හාන තරග කාලසටහනෙන් කොටසක් නිවේදනය කෙරේ

Date:

මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් අද(9) නිවේදනය කළා.

එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

එළඹෙන තරග වාරයේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ද නවසීලන්තයේ සංචාරවල නිරත වීමට නියමිතව ඇතත්, එම තරගාවලියන්ට අදාළ කාලසටහන් ඉදිරියේ දී නිවේදනය කරන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දේශීය මෙන්ම එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලුම හේතුවෙන් නවසීලන්ත-එංගලන්ත තරගාවලියේ කාලසටහන පමණක් මේ මොහොතේ නිවේදනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව පළමු ටෙස්ට් තරගය ක්‍රයිස්චර්ච් හී දී නොවැම්බර් 28 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය වෙලින්ටන් හී දී දෙසැම්බර් 6 වැනිදා ද, තෙවැනි ටෙස්ට් තරගය හැමිල්ටන් හී දී දෙසැම්බර් 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

එළඹෙන ගිම්හාන තරග වාරයේ දී ශ්‍රී ලංකා හා පාකිස්තාන පිරිමි කණ්ඩායම් මෙන්ම, ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් ද නවසීලන්තයේ තරග සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.

අයි.සී.සී ඉදිරි ජාත්‍යන්තර තරග කාලසටහනට (FTP) අනුව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දෙසැම්බර් මස අගදී නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ එක්දින හා විස්සයි 20 තරග 3 බැගින් වන තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...