IPL ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ට ලැබෙන වැටුප් හා පහසුකම් ගැන ඔබ දැන සිටියා ද?

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල් තරගාවලිය යනු ලොව වඩාත් ජනප්‍රියම හා දැවැන්තම ලීග් තරගාවලියන්ගෙන් එකක් බව නොරහසක්.

ලොව දෙවැනි මිල අධිකම විකාශන වටිනාකමක් සහිත ක්‍රීඩා ලීග් තරගාවලිය වන අයි.පී.එල් තරගාවලිය විකාශන වටිනාකම අතින් දෙවැනි වන්නේ අමෙරිකාවේ NFL තරගාවලියට පමණයි.

විකාශන වටිනාකම්, අනුග්‍රාහක වටිනාකම්, ක්‍රීඩකයින්ගේ වටිනාකම් මෙන්ම කණ්ඩායම්වල වටිනාකම් ද දිනෙන් දින ඉහළ යන මෙම සුපිරි ලීග් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් අංගයක් ලෙස ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ගේ (cheerleaders) කාර්යය නම් කළ හැකියි.

අතීතයේ සිටම ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ගේ කාර්යය අයි.පී.එල් තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ ආකර්ශනය දිනා ගැනීමට සමත් වූ බව නොරහසක්.

බොහෝ විට විදෙස් තරුණියන් ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් ලෙස කටයුතු කරන අයුරු දැකිය හැකි අතර, ඉන්දීය තරුණියන් ද ඇතැම් විට එම කාර්යය ඉටු කරනු දක්නට ලැබෙනවා.

මෙලෙස ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් ලෙස කටයුතු කරන තරුණියන්ට ලැබෙන වැටුප පිළිබදවයි මෙම ලිපියෙන් අප ඔබට තොරතුරු රැගෙන එන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ප්‍රේක්ෂක දිරිගන්වන්නියක් සදහා එක් තරගයක් වෙනුවෙන් සාමාන්‍යයෙන් ඉන්දීය රුපියල් 15,000 සිට 17,000 දක්වා ගෙවීමක් සිදු කරනු ලබනවා. (ශ්‍රී ලංකා රුපියල් 53,000 සිට 61,000 ක් පමණ දක්වා)

එමෙන්ම ඔවුන් නියෝජනය කරන කණ්ඩායම තරග ජයග්‍රහනය කළහොත් ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ට ප්‍රසාද දීමනාවක් ද පිරිනමන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම වැටුපට අමතරව ඉන්දියාවේ රැදී සිටින කාලයේ දී ඔවුන්ට සුඛෝපභෝගී නවාතැන් පහසුකම්, ආහාරපාන, ප්‍රවාහන ඇතුළු පහසුකම් රැසක් ද ලබා දෙනවා.

ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ට වැඩිම ගෙවීමක් සිදු කරනු ලබන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි. ඔවුන් ඉන්දීය රුපියල් 25,000 ක පමණ ගෙවීමක් එක් තරගයක් වෙනුවෙන් දිරිගන්වන්නියෙකුට ගෙවනු ලබනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් 20,000 ක පමණ මුදලක් ප්‍රේක්ෂක දිරිගන්වන්නියෙකුට එක් තරගයක් වෙනුවෙන් ගෙවනු ලබන අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් 17,000 ක පමණ මුදලක් ගෙවනු ලබන බව සදහන්.

අයි.පී.එල් තරගාවලියේ දී ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් ලෙස කටයුතු කිරීම සදහා තේරී පත් වීම ද පහසු කාර්යයක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

නර්තනය, නිරූපන ක්ෂේත්‍රය හා ප්‍රේක්ෂකයින් ඉදිරියේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම පිළිබද අත්දැකීම් ඔවුන්ට ඒ සදහා අවශ්‍ය වනවා.

ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් තේරීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බවත්, සම්මුඛ පරීක්ෂණ ගණනාවකට මෙන්ම ලිඛිත ඇගයීම්වලට ද ඔවුන්ට මුහුණ දී සමත් වීමට සිදුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...