ජඩේජා හා ගයික්වඩ් චෙන්නායි පිලට ජය ගෙනෙයි

Date:

රවීන්ද්‍ර ජඩේජා ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හා රුටුරාජ් ගයික්වඩ්ගේ අර්ධ ශතකය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 14 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ගයික්වඩ්  නොදැවී ලකුණු 67(58) ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 9 ක් ද සමගින්.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පිල් සෝල්ට් තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. නායක ෂ්රෙයස් අයියර් ලකුණු 34 ක්, සුනිල් නරේන් ලකුණු 27 ක් හා අන්ග්ක්‍රිෂ් රගුවන්ෂි ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 18 කට කඩුලු 3 ක් හා තුෂාර් දේශ්පන්ඩේ ලකුණු 33 කට කඩුලු 3ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 28 ක් ලබා දෙමින්. මුස්ටර්ෆිසුර් රහ්මාන් ද කඩුලු දෙකක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...