චමරි අතපත්තු විශ්‍රාම ගැනීම ගැන කතා කරයි

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය ජාත්‍යන්තර ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අද(8) කරුණු පැහැදිලි කළා.

ඒ, ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බවට විවිධ වාර්තා පල වෙමින් ඇති පසුබිමකයි.

දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමෙන් පසුව චමරි විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් “මගේ රට වෙනුවෙන් අවසන් රාජකාරියයි” (‘last duty for my country’) යනුවෙන් සදහන් කර තිබුණා.

කෙසේ වෙතත්, අනතුරුව ඇය විසින් එම ෆේස්බුක් සටහන ඉවත් කර තිබුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් චමරි අතපත්තු සදහන් කර සිටියේ ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් (T20 World Cup Qualifiers) පසුව තමා සිය ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

මේ මෙහොතේ තමා අවධානය යොමු කර ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය පිළිබද හා එළඹෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය පිළිබද බව ඇය සදහන් කළා.

මම තවමත් තීරණය කරලා නැහැ විශ්‍රාම ගැනීම ගැන. අපිට පුලුවන් ඒ ගැන පසුව කතා කරන්න. මේ මොහොතේ මම අවධානය යොමු කරලා තියෙන්නේ එක්දින තරගාවලිය හා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ගැන. අපි බලමු අනාගතයේ දී.” යනුවෙන් 34 හැවිරිදි චමරි අතපත්තු කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...