නවසීලන්ත කණ්ඩායමේ නව පන්දු යැවීමේ පුහුණුකරු නිවේදනය කෙරේ

Date:

නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ දී පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රීඩකයෙකු වන ජේකබ් ඕරම් පත් කර තිබෙනවා.

ඒ, 2023 වසරේ නොවැම්බර් මාසයේ දී Shane Jurgensen එම ධූරයෙන් ඉවත් වීමත් සමග ඇතිව තිබූ පුරප්පාඩුව සදහායි.

පසුගිය වසරේ දී නවසීලන්ත කණ්ඩායම සිදු කළ බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයේ දී, ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි 20 තරගාවලියේ දී මෙන්ම 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ද නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ජේකබ් ඕරම් කටයුතු කළා.

ඔක්තෝබර් 7 වැනිදා සිට ජේකබ් ඕරම් සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව උපදේශක ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් පත් කර තිබෙනවා.

ගෞතම් ගම්භීර් එම කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ නමුත්, පසුගිය තරග වාරයේ දී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක්වීම හේතුවෙන් එම තරග වාරයේ දී ලක්නව් කණ්ඩායම උපදේශකවරයෙකු නොමැතිවයි තරග වැදුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...