නවසීලන්තය පරදා ඉන්දියාවට ලකුණු 44 ක ජයක් – අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

Date:

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 44 ක ජයක් වාර්තා කරමින් A කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(2) සමත් වුණා.

ඩුබායිහීදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 249 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 45.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ෂ්රෙයස් අයියර් ලකුණු 79(98) ක් ලබා ගත්තා. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 45 කට දැවී ගිය අතර, අක්සර් පටෙල් ලකුණු 42 යි.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 42 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු නවසීලන්ත ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 81(120) ක් ලබා ගත් නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් සාර්ථක ඉනිමක් දැක ගත හැකි වූයේ නැහැ. මිචෙල් සැන්ට්නර් ලකුණු 28යි.

පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්තී ලකුණු 42 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

ඒ අනුව A කාණ්ඩයේ පළමු ස්ථානය ඉන්දියාවටත්, දෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමි වුණා. B කාණ්ඩයේ පළමු තැන හිමි කර ගත්තේ දකුණු අප්‍රිකාවයි. දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාව හිමි කර ගත්තා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඩුබායිහීදී එළඹෙන 4 වැනිදා ද, දෙවැනි අවසන් පූර්ව තරගය නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර ලාහෝර්හීදී එළඹෙන 5 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...