KKR කණ්ඩායමේ නව නායකයා නිවේදනය කෙරේ

Date:

වත්මන් අයි.පී.එල් ශූර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිය කණ්ඩායමේ නායකයා ලෙස අජින්කෙයා රහානේ පත් කර තිබෙනවා. උප නායකයා ලෙස පත් කර ඇත්තේ වෙන්කටේෂ් අයියර්.

පසුගිය වසරේදී එම කණ්ඩායමට තෙවැනි වරටත් අයි.පී.එල් ශූරතාවයක් දිනා ගැනීම සදහා ෂ්රෙයස් අයියර් විසින් නායකත්වය ලබා දුන්නා. නමුත්, මෙවර තරග වාරය වෙනුවෙන් ඔහුව එම සංචිතයේ රදවා නොගත් අතර, ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියේදී ෂ්රෙයස් අයියර් පංජාබ් කණ්ඩායමට අලෙවි වුණා. ඒ, ඉන්දීය රුපියල් කෝටි 26.75 ක මුදලකටයි. එය අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමි වූ දෙවැනි ඉහළම මිලයි.

2022 වසරේදී කොල්කටා කණ්ඩායම සදහා ක්‍රීඩා කළ රහානේ පසුගිය වසර දෙකේදී ක්‍රීඩා කළේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සදහායි.

කෙසේ වෙතත්, මෙවර තරගාවලිය වෙනුවෙන් වූ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඔහුව එම සංචිතයෙන් නිදහස් කෙරුණු අතර, වෙන්දේසියේ පළමු දිනයේදී ඔහුව මිලදී ගැනීමට ද කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

නමුත්, වෙන්දේසියේ දෙවැනි දිනයේදී කොල්කටා කණ්ඩායම විසින් රහානේගේ මූලික වටිනාකම වූ ඉන්දීය රුපියල් කෝටි 1.5 ක වටිනාකම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කර ඔහුව සිය සංචිතයට මිලදී ගත්තා.

මීට පෙර රහානේ විසින් 2017 වසරේදී රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායමේ නායකයා ලෙස එක් තරගයකදී කටයුතු කර ඇති අතර, 2018 හා 2019 තරග වාරවලදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස තරග 24 කදී කටයුතු කර තිබුණා.

2019 තරග වාරය අතරතුරදී ඔහු වෙනුවට රාජස්ථාන් කණ්ඩායමේ නායකයා ලෙස ස්ටීව් ස්මිත් පත් කෙරුණා.

මේ අතර, 2021 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන වෙන්කටේෂ් අයියර් එම සියලු තරගාවලියන්හීදී ක්‍රීඩා කර ඇත්තේ කොල්කටා කණ්ඩායම වෙනුවෙනුයි. අයි.පී.එල් තරග 51කදී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1,326 ක්.

කෙසේ වෙතත්, ඔහුව 2025 තරගාවලිය වෙනුවෙන් සිය සංචිතයේ රදවා ගැනීමට කොල්කටා පිල කටයුතු නොකළ නමුත්, ඔහුව වෙන්දේසියේදී යළිත් එම කණ්ඩායම විසින්ම මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 23.75 ක වාර්තාගත මිලකටයි. එය අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේදී ක්‍රීඩකයෙකු අලෙවි වූ සිව්වැනි ඉහළම ලංසු මුදලයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...