Watch : Free Hit පන්දුවට වරුන් චක්‍රවර්තී පාපන්දු ගහමින් පරිත්‍යාග කළ ලකුණු 4 මෙන්න

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් අපූර්ව සිදු වීමක් දැක ගත හැකි වුණා.

තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර ඩුබායිහීදී ආරම්භ වූ අතර, පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 249 ක් රැස් කළා.

පිළිතුරු නවසීලන්ත ඉනිමේ සිව්වැනි පන්දුවාරය හර්ඩික් පාන්ඩ්යා විසින් යොමු කළා. එම පන්දුවාරයේ දෙවැනි පන්දුව නිපන්දුවක් බව විනිසුරුවන් තීරණය කළ අතර, ඒ අනුව ඊළග පන්දුව Free Hit පන්දුවක් බවට පත් වුණා.

එම පන්දුවට මුහුණ දුන්නේ විල් යන්ග්. ඔහු විසින් දැවැන්ත පහරක් එල්ල කළ නමුත්, නිසි ලෙස පිත්තේ නොවැදුණුු පන්දුව mid-on කලාපය වෙත උඩ පන්දුවක් ලෙස ඇදී ගියා.

එම කලාපයේ පන්දු රකිමින් සිටි වරුන් චක්‍රවර්තී උඩ පන්දුව රැක ගැනීමට උත්සාහ දැරූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. විශේෂත්වය වූයේ එම අවස්ථාවේදී බිම පතිත වූ පන්දුව ඔහුගේ පාදයක දැඩිව වැදීම හේතුවෙන් පන්දුව වේගයෙන් හතරේ සීමාව කරා ඇදී යාමයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...