ධනංජය හා කුසල් ප්‍රබල සටනක ; ශ්‍රී ලංකාව ජයග්‍රහනයට ලකුණු 143 ක් පිටුපසින්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(8) Gqeberha හීදී  නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 348 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 205 ක්. ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව හෙට දිනයේදී තවත් ලකුණු 143 ක් ලබා ගත යුතු අතර, දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් බිද හෙලිය යුතුයි.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39 (64) ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 39 (56) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගී ඇති සම්බන්ධතාවය ලකුණු 83* (117) ක්.

යළිත් අසාර්ථක වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 18 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 29 කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 32 කටත්, කමිදු මෙන්ඩිස් ලකුණු 35 කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා කඩුල්ලක් දවා ගත් අතර, කේෂාව් මහරාජ් හා ඩේන් පැටර්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, දකුණු අප්‍රිකාවේ සියලු දෙනා ලකුණු 317 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

දිනයේ පළමු කඩුල්ල ලෙස ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 47 කට දුවද්දී දැවී ගියා. යළිත් සාර්ථක ඉනිමක් දියත් කළ නායක ටෙම්බා බවූමා රැස් කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. ඩේවිඩ් බෙඩින්ග්හැම් ලකුණු 35 ක් ලබා ගත් අතර, දකුණු අප්‍රිකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ඒඩ්න් මාක්‍රම් ලකුණු 55 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 129 ක් ලබා දෙමින්. මෙය ඔහු ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැති ටෙස්ට් තරගයකදී කඩුලු පහක් දවා ගත් පළමු අවස්ථාවයි. ඔහුට අමතරව විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු හා ලහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් ද බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 328 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...