ඉන්දියාව පරදා බංග්ලාදේශය පිට පිට දෙවැනි වරටත් යොවුන් ආසියානු ශූරතාවය දිනයි

Date:

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද(8) සමත් වුණා. ඒ, ඩුබායිහි පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදා ලකුණු 59 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

බංග්ලාදේශය ආසියානු යොවුන් කුසලානය දිනා ගත් දෙවැනි අවස්ථාව මෙයයි. පසුගියවර ආසියානු යොවුන් කුසලානය ද ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198 ක්.

Rizan Hossan ලකුණු 47 ක්, Mohammad Shihab James ලකුණු 40 ක් හා Farid Hasan ලකුණු 39 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Yudhajit Guha, Chetan Sharma හා Hardik Raj කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 35.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

Mohamed Amaan ලකුණු 26 ක්, KP Karthikeya ලකුණු 21 ක් හා C Andre Siddarth ලකුණු 20 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේදී Iqbal Hossain Emon හා Azizul Hakim කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...