“මගේ හැකියාව ගැන මිනිස්සු ප්‍රශ්න කළා” : ප්‍රභාත් ජයසූරිය

Date:

විදෙස් රටකදී කඩුලු පහක් දවා ගැනීම සදහා දීර්ඝ කාලයක් තිස්සේ තමන් අරමුණු කර ගෙන සිටි බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය පවසනවා.

දකුණු අප්‍රිකාව සමග Gqeberha හීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේදී කඩුලු පහේ අවස්ථාවක් සම්පූර්ණ කරමින් දැක්වූ දක්ෂතා පිළිබද අදහස් දක්වමින් ප්‍රභාත් ඒ බව සදහන් කළේ සිව්වැනි දිනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එය ඔහු දවා ගත් 10 වැනි කඩුලු පහේ අවස්ථාව වන අතර, ශ්‍රී ලංකාවෙන් පිටතදී ප්‍රභාත් කඩුලු පහක් දවා ගත් පළමු අවස්ථාව ද එයයි. ඔහු බිද හෙලූ කඩුලු පහේ අවස්ථා 10 න් 8ක්ම බිද හෙලා ඇත්තේ දග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය ගාලු තණතීරුව තුළයි.

“පිටරටදී කඩුලු පහේ අවස්ථාවක් කියන්නේ මම කාලයක් තිස්සේ ඉලක්ක කරගෙන හිටපු දෙයක්.” යනුවෙන් ප්‍රභාත් කියා සිටියා.

“ශ්‍රී ලංකාවෙන් පිටතදී කඩුලු ලබා ගැනීම මම විටෙක කනස්සල්ලට පත් වූ දෙයක්. මොකද මට ඒක කරන්න තියෙන හැකියාව ගැන මිනිස්සු ප්‍රශ්න කළා. අපි රටින් පිටත ක්‍රීඩා කරන විට සහ SENA රටවල [දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව] ක්‍රීඩා කරන විට, මගේ භූමිකාව හාත්පසින්ම වෙනස්.

“මම නිතරම උත්සාහ කරන්නේ කණ්ඩායම වෙනුවෙන් මට කළ හැකි දේ කිරීමටයි. දකුණු අප්‍රිකාව වැනි ස්ථානයකදී මෙම කඩුලු 5 දවා ගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙනවා.”

දෙවැනි ඉනිමේදී ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ටෝනි ද සෝර්සි, රයන් රිකල්ටන්, ටෙම්බා බවූමා, ඩේවිඩ් බෙඩින්ග්හැම් හා මාර්කෝ යැන්සන් යන ක්‍රීඩකයින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...