දෝනිගේ අසාර්ථකත්වය නිසා දියණියට අපයෝජන තර්ජන

Date:

ඉන්දීය හිටපු නායක සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ දියණියව අපයෝජනයට ලක් කරන බවට තර්ජන ලැබී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තර්ජන ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය දා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 10ක පරාජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සිදු වුණා.

ඔවුන් මෙවර තරග වාරයේ දී ලැබූ සිව්වන පරාජය එය වන අතර, මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටීමට ද මෙම පරාජයන් හේතුවෙන් චෙන්නායි කණ්ඩායමට සිදුව තිබෙනවා.

කොල්කටා කණ්ඩායමට එරෙහිව ලැබූ පරාජයෙන් අනතුරුව මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිද වන සාක්ෂි දෝනිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඔවුන්ගේ පස් හැවිරිදි දියණිය අපයෝජනයට ලක් කරන බවට තර්ජන ලැබී ඇති බව සදහන්.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මහේන්ද්‍ර සිං දෝනි ඉහළ දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම මෙම තර්ජනවලට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තර්ජනයට එරෙහිව දැඩි විරෝධයක් බොහෝ පාර්ශවවලින් එල්ල වී ඇති අතර, ඔවුන් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මෙවැනි තර්ජන ලැබීමට තරම් තම රටට කුමක් සිදු වී ඇත්ද යන්නයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...