ලකුණු 46ක ජයකින් දිල්ලිය යළි පෙරමුණ ගනියි – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(9) පැවැති තරගාවලියේ 23 වන තරගයෙන් ඔවුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 46ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා.

මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් පළමුවෙන් පන්දුවට පහරදී සාජා ක්‍රීඩාංගනයේ දී ලකුණු 200 සීමාව පසු නොකළ පළමු අවස්ථාවය මෙය වීම විශේෂත්වයක්.

දිල්ලි ඉනිම ශක්තිමත් කළ ෂිම්රන් හෙට්මයර් පන්දු 24කින් ලකුණු 45 ක් රැස් කළේ හයේ පහර 5ක් ද ඉනිමට එක් කරමින්.

මාර්කස් ස්ටොයිනිස් ලකුණු 39යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් ලකුණු 24කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථානයට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

රාහුල් තෙවාටියා ලකුණු 38ක්, යශස්වි ජයිස්වාල් ලකුණු 34ක් ලබා ගත් අතර, නායක ස්ටීව් ස්මිත් ලකුණු 24කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 35කට කඩුලු 3ක් බිද හෙලුවා.

ලකුණු 22කට කඩුලු 2ක් බිද හෙලූ ආර්. අශ්වින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...