ඉසුරුට අද තරගය අහිමි වීමේ අවධානමක් – ගේල්ට අවස්ථාවක් ?

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට අබුඩාබි හී දී ආරම්භ වනු ඇති.

පන්ජාබ් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන්නේ සහභාගී වූ තරග 6න් තරග 5ක් පරාජයට පත් වෙමින්.

ඒ අනුව මේ වන විට අසාර්ථක වී ඇති පන්ජාබ් කණ්ඩායම සදහා අද දිනයේ දී බොහෝ විට සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මෙවර තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

පසුගිය දිනවලදී ක්‍රිස් ගේල් යම් අසනීප තත්ත්වයකින් ද පසු වූ අතර, ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් අද තරගයේ දී ග්ලේන් මැක්ස්වෙල් වෙනුවට කණ්ඩායම සදහා ආදේශ කිරීමට ඉඩ තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ පසු වනවා.

ඒ, ක්‍රීඩා කළ තරග 5න් තරග 3ක් ජය ගනිමින්.

මේ අතර, තරගාවලියේ 25 වන තරගය අද රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

බැංගලෝර් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටින අතර, චෙන්නායි කණ්ඩායම රැදී සිටින්නේ හය වැනි ස්ථානයේ යි.

අද තරගයේ දී බොහෝ විට ආබාධයකට ලක්ව සිටි ක්‍රිස් මොරිස් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

එසේ වුවහොත් ඉසුරු උදානට හෝ මොයීන් අලීට අද තරගයේ දී කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

අද තරගය සදහා බැංගලෝර් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවැකි පල කර ඇති කණ්ඩායමට ද ඉසුරු උදාන ඇතුළත්ව නැහැ.

එම කණ්ඩායම පහතින් –

D Padikkal,  A Finch, V Kohli (c), de Villiers (wk), Moeen Ali, W Sundar, S Dube, C Morris,  N Saini, M Siraj, Y Chahal

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...