අමෙරිකානු තේරීම් කමිටුවට ශ්‍රී ලාංකිකයෙක් පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා හිටපු පළමුපෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු සහ තේරීම් කමිටු සාමාජිකයෙකු වූ සජිත් ප්‍රනාන්දු මහතා අමෙරිකා එක්සත් ජනපද යොවුන් ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කර තිබෙනවා.

Amer Afzaludin ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට අයත් සමස්ත සාමාජිකයින් ගණන 5ක්.

වසර 3ක කාලයක් සදහා සජිත් ප්‍රනාන්දු මහතා තේරීම් කමිටුවට පත් කර ඇති බවයි අමෙරිකානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

48 හැවිරිදි සජිත් ප්‍රනාන්දු මහතා පළමු පෙල තරග 193කට ක්‍රීඩා කර රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 10,700ක්.

එහිදී කඩුලු 269ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2018 වසරේ දී සංවිධාන කළ පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස ද සජිත් ප්‍රනාන්දු මහතා කටයුතු කළ අතර, 2017 වසරේ දී ඔහු ජාතික තේරීම් කමිටුවට ද නම් කෙරුණා.

අමෙරිකා එක්සත් ජනපද යොවුන් ක්‍රිකට් තේරීම් කමිටුව :

Amer Afzaludin (සභාපති), Sajith Fernando, Alvin Kallicharran, Jannisar Khan, Steve Massiah

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...